කයිවාරු ගැසු බංගලියන් සිංහයන්ගේ ප‍්‍රහාරය හමුවේ දණින් වැටෙයි..ශෙහාන්ගෙන් ලෝක වාර්තාවක්
තරගාවලියේ ආරම්භයේ සිටම ජයග‍්‍රහණය ගැන මහත් උජාරුවෙන් සිටි බංගලාදේශ කණ්ඩායම ලකුණු 79කින් පරාජය කළ ශ‍්‍රී ලංකා කන්ඩායම තුන්කොන් තරගාවලියේ ශූරතාවය හිමිකරගැනීමට සමත්වියජයග‍්‍රහණය සදහා ලකුණු 222ක ඉලක්කයක් හඹා ගිය බංගලාදේහ කණ්ඩායම පන්දුවාර 41.1යි පන්දු කදී කඩුලු 09ක් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 142ක් පමණි.
එහිදී බංගලාදේශ කණ්ඩායම වෙනුවෙන් හුදකලා සටනක් දියත් කළ රියාද් මොහොමදුල්ලා පන්දු 92කදී හයේ පහර 03ක් හා හතරේ පහර 06ක් සමගින් ලකුනු 76ක් රැුස් කිරීමට සමත් වියලකුණු 22 කට කඩුලු 3 ක් අහිමිකර ගනිමින් දැඩි පිඩනයකට ලක්ව සිටි බංග්ලාදේශය කණ්ඩායම ඉන් තරමක් දුරට මුදා ගැනීමට සිවුවැනි කඩුල්ල සදහා ලකුණු 58 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට මහමුදුල්ලා සහ මුෂ්ෆිකූර් රහීම් සමත්වූහ.
සිවුවැනි කඩුල්ලේ සම්බන්ධතාව බිඳ හෙළමින් මුෂ්ෆිකූර් රහීම් ලකුණු 22 දවාගත් අකිල ධනංජය එල්ල වෙමින් තිබුණු පීඩනයෙන් ශ්‍රී ලංකාව මුදා ගැනීමටසමත්වියතරගාවලියේ වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා බවට පත්වී සිටින තමීම් ඉක්බාල් ලකුණු අතරට පැමිණීමට පෙරම පිටියෙන් ඉවත් කිරීමට දුෂ්මන්ත චමීර සමත්වූ අතර ඉන් නොනැවතුනු ඔහු තෙවැනි කඩුල්ල ලෙස සබීර් රෙහෙමන් දවාගනිමින් බංග්ලාදේශයට පීඩනයක් ඇති කිරීමට සමත්විය.
තමීම් ඉක්බාල් දැවීයාමට පෙර පන්දුවේදී පන්දු යැවූ දුෂ්මන්ත චමීර වෙත නැවත ලබාදුන් උඩපන්දුව ගිලිහි යාම හේතුවෙන් කඩුල්ලේ රැඳී සිටිමට වාසනාවන්ත වුවද එය එක් පන්දුවකට සිමා වියපන්දුයැවීමේදී සිය මංගල තරගයේදීම කඩුලු ත‍්‍රිත්වයක් ලබා ගනිමින් සිය තේරීම් කමිටුවේ තීරණය සධාරණයක් ඉටු කළ ශෙහාන් මධුශංක ලකුණු 26කට කඩුලු 03ක් දවා ගත් අතර අකිල ධනංජය හා දුෂ්මන්ත චමීර කඩුලු 02 බැගින් බිද හෙලූහ.මංගල තරගයේදීම කඩුලු ත‍්‍රිත්වයක් ලබාගත් සිව්වැනි ක‍්‍රීඩකයා ලෙසද මධූශංක වාර්තා පොත් එක්විය.
ශ්‍රී ලංකාව ඕවර 50 අවසානයේ සියලුදෙනා දැවී රැස්කිරීමට සමත්වූයේ ලකුණු 221 ක් පමණිශ්‍රී ලංකා පිතිකරුවන් වයිඞ් සහ නිපන්දු සමගින් පන්දු 304 කට පහරදුන්නද පන්දු 164 කදි ලකුණු ලබාගැනිමට අපොහොසත්වී ඇති අතර තනි ලකුණු 106 ක් ලබාගෙන ඇතඒ අනුව පන්දු 270 කදී ශ්‍රී ලංකා පිතිකරුවන් රැස්කර ඇත්තේ ලකුණු 106 ක් පමණි දෙකේ ලකුණු 11 ක් හතරේ පහරවල් 14 ක් සහ හයේ පහරවල් පහක් ශ්‍රී ලංකා ඉනිමට ඇතුලත් විය.
පළමු කඩුල්ල ලෙස ධනුෂ්ක ගුණතිලක මුළු ලකුණු සංඛ්‍යාව 8 ක් වනවිට දැවී යාමත් සමගින් පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් දෙවැනි කඩුල්ල සදහා උපුල් තරංග සමගින් එක්ව පන්දු 19 කදී ලකුණු 34 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්විය. හතරේ පහරකින් ලකුණු ලබාගැනීම ආරම්භ කළ කුසල් මෙන්ඩිස් විසින් මෙහෙදි හසන් යවනලද තරගයේ පස්වැනි ඕවරයේදී හයේ පහර තුනක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 24 ක් ලබාගැනිමට සමත්විය. දිගින් දිගටම පහරවල් කරා යෑම හේතුවෙන් පන්දු 9 කදී හයේ පහර තුනක් සහ හතරේ පහර දෙකක් සමගින් ලකුණු 28 ක් ලබාගත් කුසල්ට කඩුල්ල පූජාකර පිටියෙන් ඉවත්වන්නට සිදුවිය.
ඕවර 10 ට මෙපිටින් කඩුලු 2 ක් බිඳ වැටීම හේතුවෙන් උපුල් තරංග සහ නිරෝෂන් දික්වැල්ල අතර ලකුණු ලබාගැනීමේ වේගය මදක් අඩාල විය. 12 වැනි ඕවරයේදී හතරේ සිමාව කරා පන්දුවක් ඇඳී යාමෙන් අනතුරුව නැවත පන්දුවක් හතරේ සීමාව කරා යැවීමට හැකිවූයේ ඕවර 9 කට පසුව වීම හේතුවෙන් 6.08 ක්ව පැවැති ලකුණු ලබාගැනීමේ වේගය 4.71 ක් දක්වා පහත වැටුණි.
නොසිතු අකාරයෙන් ඉහළ නැගි පන්දුව පිත්තේ ඉහළ දාරයේ වැදී සබීර් රෙහෙමාන්ට උඩපන්දුවක් යෑම නිසා නිරෝෂන් දික්වැල්ලට සිය ඉනිම ලකුණු 42 කදි අවසන් කිරීමට සිදුවිඋපුල් තරංග සමගින් තෙවැනි කඩුල්ල සදහා පන්දු 107 කදි ලකුණු 71 සම්බන්ධතාවයක් ගොඩනැගීමට නිරෝෂන් දික්වැල්ල සමත්විය. එම සම්බන්ධතාවයේදී ලකුණු 42 ක් දික්වැල්ලගේ පිත්තෙන් එකතුවූ අතර උපුල් තරංගගේ පිත්තෙන් ලැබුණේ ලකුණු 28 ක් පමණි.
ලකුණු 19 ක් ලබාසිටියදි කඩුල්ල මුවා කිරීමේ වරදට නිරෝෂන් දික්වැල් දැවී ගිය බවට ප්‍රධාන විනිසුරු විසින් තීරණය කළ අතර ඉන් සැහීමකට පත්නොවූ ඔහු විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදය ඉල්ලා සිටියේය. තෙවැනි විනිසුරු විසින් පුණරූපන නැරඹීමේදී පන්දුව පිත්තේ දාරයේ වැදියන ආකාරයක් දිස්වීම හේතුවෙන් දික්වැල්ලට නැවත වතාවක් පන්දුවට පහරදිමට අවස්ථාව හිමිවිය.
අවස්ථා දෙකකදී නිරෝෂන් දික්වැල් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීම සදහා පන්දු රකින්නන් කළ ඉල්ලීම ප්‍රධාන විනිසුරු විසින් ප්‍රතික්‍ෂේප කිරීමත් සමගින් විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදය වෙත යෑමට බංග්ලාදේශ නායකයා තීරණය කළේය. එක් අවස්ථාවක පුණරූපන නැරඹීමේදී පන්දුව කඩුල්ලේ වදින ආකාරයක් දිස්වුවද දැවීයාමකට නම් පන්දුවෙන් හරි අඩක් කඩුල්ලේ වැදිය යුතු බැවින් දික්වැල්ල දැවී නොයන බව තෙවැනි විනිසුරු විසින් තීරණය කළ අතර අනෙක් අවස්ථාවේදී පන්දු කඩුල්ලෙන් පිටතට යෑම හේතුවෙන් කඩුල්ලේ රැඳී සිටීමේ වාසනාව ඔහුට හිමිවිය.
ආරම්භක පිතිකරු උපුල් තරංග සිය 37 වැනි එක්දින අර්ධ ශතකය පන්දු 87 කදි ලබාගත් අතර මුස්ටෆිසූර් රෙහෙමන්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් ඔහු දැවීයන විට පන්දු 99 කදී හතරේ පහර පහක් සමගින් ලකුණු 56 ක් රැස්කර තිබුණි. දිනේෂ් චන්දිමාල් සමගින් එක්ව සිවුවැනි කඩුල්ල සදහා පන්දු 69 කදී ලකුණු 45 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට තරංගයට හැකිවිය.
තරංගගේ කඩුල්ල දවාගත් මුස්ටෆිසූර් රෙහෙමන් බංග්ලාදේශය වෙනුවෙන් අඩුම තරග සංඛ්‍යාවකදි කඩුලු 50 දවාගත් ගත් පන්දු යවන්නා බවට වාර්තා පොත් අතරට එක්විය. තරග 27 කදී මෙම දස්කම කළ මුස්ටෆිසූර් රෙහෙමන් ඕවර 10 ක් යවමින් ලකුණු 29 කට කඩුලු 2 ක් දවාගත්තේය.
තරංග දැවීයාමට පෙර පන්දුවේදී කඩුල්ල මුවා කළේ යැයි කළ ඉල්ලීමකට විනිසුරු විසින් ඔහු දැවී ගිය බවට තීරණය කළේය. එම තීරණය සමගින් එකඟ නොවූ තරංග විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදය ඉල්ලා සිටියේය. පුණරූපන නැරඹු තෙවැනි විනිසුරු විසින් පන්දුව කඩුල්ලේ නොවදින බවට තීරණය කිරීම හේතුවෙන් තරංගට පන්දුවට පහරදීම සදහා තව අවස්ථාවක් හිමිවිය.
තරගාවලිය පුරා ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද දස්කම් දැක්වූ තිසර පෙරේරාට අද සාර්ථක විමට අවස්ථාවක් ලබානොදුන් රුබෙල් හුසෙන් ලකුණු 2 කට ඔහුව දවාගත්තේයඩුලු එකින් එකි බිඳ වැටුණද නායකත්වයේ වගකීම කරට ගත් දිනේෂ් චන්දිමාල් කඩුල්ල ආරක්ෂා කරගනිමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ දැමීමට උත්සහ ගත්තේය. රුබෙල් හුසේන්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් චන්දිමාල් දැවී යනවිට පන්දු 74 කදි හයේ පහරක් සමගින් ලකුණු 45 ක් රැස්කිරීමට සමත්විය.

Comments
Post a Comment