අද අපේ සිංහයො ඔලුව ඉදිමුන බංගලියන්ට රිදෙන්නම කඩුලු ටික ගලවැව්වේ මෙහෙමයි කොහොමද වැඩ VIDEO

පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවිමත් පන්දු රකින්නන්ගේ විශිෂ්ට පන්දු රැකිමත් හමුවේ බංග්ලාදේශයේ ඩකාහිදි අද (25 වැනිදා) පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ අවසන් තරගයේ තුන්කොන් තරගාවලියේ බංගලාදේශ කණ්ඩායම සමග පැවැති තරගයෙන් කඩුලු 10ක විශිෂ්ට ජයක් හිමිකරගැනීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම අද සමත්විය.ඒ අනුව බංගලාදේශ කණ්ඩායම සමග අවසන් තරගයට සුදුසුකම් ලැබීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ශ‍්‍රි ලංකා කණ්ඩායම කඩුලු 10කින් එක්දින තරගයක් ජයගත් දසවැනි අවස්ථාව ලෙස වාර්තා පොත් අතරට බංගලාදේශ කණ්ඩායම එරෙහිව අවස්ථා තුනකදී කඩුලු 10කින් තරගය ජයගෙන ඇතජයග‍්‍රහණය සදහා ලකුණු 83ක පහසු ඉලක්කයක් හඹා ගිය ශ‍්‍රී ලංකා කණ්ඩායම ඕවර 11.5කදි සිය ජයග‍්‍රාහී ඉලක්කය පසුකර ගියහ.

එහිදී විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කළ ආරම්භක පිතිකරුවන් දෙදෙනා නොදැවී සිය කණ්ඩායම ජයග‍්‍රණය කරා කැදවා ගෙන ගිය අතර උපුල් තරංග හයේ පහර 03ක් හා එක් හතරේ පහරක් සමගින් ලකුණු 39ක් ද ධනුෂ්කහයේ පහර 02ක් හා හතරේ පහර 03ක් සමගින් ලකුණු 35ක් රැුස් කළහ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශයට ඕවර 24 කදි සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 82 ක් පමණි.

දැවීගිය පළමු කඩුලු හතරෙන් තුනකට වගකියූ සුරංග ලක්මාල් හොද ආරම්භයක් ලබාදෙමින් බංග්ලාදේශ කණ්ඩායමේ පාරකැපුවේයලක්මාල් දැමු අඩිතාලම ඉදිරියටත් ගෙනගිය දුෂ්මන්ත චමීර සහ තිසර පෙරේරා කඩුලු දෙක බැගින් දවාගනිමින් බංග්ලාදේශය තවත් අසරණ කිරීමට සමත්වූහ අවසන් කඩුලු දෙක දවාගනිමින් බංග්ලාදේශ ඉනිම ලකුණු 82 කට අවසන් කිරීමට ලක්ෂාන් සඳකැන්ට හැකිවිය.

ලකුණු 12 ක් ලබාසිටියදී තිසර පෙරේරාගේ පන්දුවක් හමුවේ නිරෝෂන් දික්වැල්ල වෙත ලබාදුන් උඩපන්දුව ගිලිහියාම හේතුවෙන් තවදුරටත් කඩුල්ලේ රැඳී සිටීමේ වාසනාව මුෂ්ෆිකූර් රහීම් හට හිමිවියනැවතත් රහීම්19 ක් ලබාසිටියදී කඩුල්ල මුවාකිරීමේ වරදට.

හසුකර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කළ ඉල්ලිම ප්‍රධාන විනිසුරු විසින් ප්‍රතික්‍ෂේප කිරීමත් සමගින් විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදය ඉල්ලා සිටීමට නායක දිනේෂ් චන්දිමාල් පියවර ගත්තේය.

පුණරූපන නැරඹීමේදී පන්දුව යම්තමින් පිත්තේ දාරයේ වැදී යන ආකාරය දිස්වීම හේතුවෙන් මුෂ්ෆිකූර් රහීම් දැවී නොයන බවට තෙවැනි විනිසුරු විසින් තීරණය කිරීමත් සමගින් ශ්‍රී ලංකාව සතුව තිබූ එකම විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදය ඉල්ලා සිටීමේ අවස්ථාවද අහිමිව ගියේය.

බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 71 ක් ලබාසිටියදී හයවැනි කඩුල්ල ලෙස තිසර පෙරේරාගේ පන්දුවක් හමුවේ අබුල් හසන් ලබාදුන් උඩපන්දුව නිරෝෂන් දික්වැල්ල රැකගත් බවට කළ ඉල්ලීම පිළිගනිමින් ප්‍රධාන විනිසුරු විසින් දැවී ගිය බවට තීරණය කළේය. ඉන් සැහිමකට පත්නොවූ අබුල් හසන් අනෙක් අන්තයේ සිටි මුෂ්ෆිකූර් රහීම්ගෙන් විමසිමක් සිදුකරමින් විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදය වෙත යෑමට තීරණය කළේය.

පුණරූපන නැරඹීමේදී පන්දුව පිත්තේ යම්තම් වැදීයන ආකාරයක් දිස්වීම හේතුවෙන් තෙවැනි විනිසුරු විසින් ප්‍රධාන විනිසුරුගේ තීරණය සමගින් එකඟ විමත් සමගින් බංග්ලාදේශයට විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදය වෙත යෑමට තිබූ එකම අවස්ථාවත් අහිමිව ගියේයසිම්බාබ්වේ කණ්ඩායම සමගින් තරග වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටි කුසල් පෙරේරා සහ නුවන් ප්‍රදිප් අබාධයන්ට ලක්වීම හේතුවෙන් අද තරගයෙන් ඉවත් කර ධනුෂ්ක ගුණතිලක සහ දුෂ්මන්ත චමීර කණ්ඩායමට කැඳවා ඇත.

මේ වනවිටත් බංග්ලාදේශ කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබාගෙන ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට නම් අද තරගය අනිවාර්යෙන් ජයගැනීමට සිදුවනු ඇත.

Comments

Popular posts from this blog

அஜித் மற்றும் ரஜினியிக்கு இடையே இப்படி ஒரு மோதல் இருக்கிறதா

தென்னாப்ரிக்காவுக்கு எதிரான டி20: நீண்ட நாளுக்கு பின்னர் இந்திய அணியில் ரெய்னா